Skip to content
V
'මහ සයුරේ රෝහල' කොළඹ වරායට
Local

'මහ සයුරේ රෝහල' කොළඹ වරායට

By News Room · 22 December 2024

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ 'පීස් ආර්ක්' හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අතරතුරේය.

'පීස් ආර්ක්' නෞකාව වරායට සේන්දු වූයේ නාවික හමුදාවේ තූර්ය වාදන පිළිගැනීමක් මධ්‍යයේ වීම ද විශේෂත්වයකි. ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් සමන්විත හමුදා රෝහල් නෞකාවක් ලෙස මෙය සැලකිය හැකිය.

නෞකාව නැගෙනහිර චීනයේ ෂෙජියෑන් පළාතේ සවුෂාන් ප්‍රදේශයේ පිහිටි හමුදා වරායකින් පසුගිය ජුනි මාසයේ 16 වැනිදා සිය යාත්‍රාව ආරම්භ කර ඇත.

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීම තමයි මේ නෞකාවේ ප්‍රධානතම කාර්යය වෙයි. නෞකාව මහජන චීන සමූහාණ්ඩුව විසින් නිර්මාණය කොට නිෂ්පාදනය කරන ලද්දක්. නෞකාව වෛද්‍යාධාර ලබා දීමේ සේවයට යොදවා ඇත්තේ 2008 වසරේ සිටය.

මීටර් 178ක දිගකින් සහ මීටර් 24ක පළලින් සමන්විත වන පීස් ආර්ක් නෞකාවේ, 386 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් රාජකාරි කරයි. ඔවුන්ගෙන් 106 දෙනකු වෛද්‍යවරුන්ය. කුඩා බෝට්ටු සහ හෙලිකොප්ටර් යානාවකින් ද නෞකාව සමන්විතය. නෞකාව තුළ සායනික අංශ 17ක් සහ සහායක රෝග විනිශ්චය අංශ 5 ක් ද ඇත.

සතියක කාලයක් කොළඹ වරායේ රැඳී සිටින නෞකතාව යළි චීනය බලා යනු ඇත්තේ සිංගප්පූරුව හරහාය.

නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන සතියක කාලය තුළ මෙරට ජනතාවට, චීන ආයතනවල සේවය කරන්නන් ඇතුළු චීන ජාතිකයින්ට නොමිලයේ රෝග විනිශ්චය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දෙනු ඇතැයි ද පැවැසෙයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025