Skip to content
V
මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාදීම අද සිට
Main news - රධාන පුවත

මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාදීම අද සිට

By News Room · 27 October 2024

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද ඉරිදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හරින බව පවසන නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (26) ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් විසින් දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගත් බව පැවසීය.

අද සිට ලබන නොවැම්බර් 7 දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හරින අතර නොවැම්බර් 3 වන ඉරිදා දිනද විශේෂ දිනයක් ලෙස ජන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීම සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම සඳහා 8000 ක පමණ තැපැල් කාර්යය මණ්ඩලයක් යොදවන බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025