Skip to content
V
පාසල් වැසීම පිළිබඳ නිවේදනයක්
Main news - රධාන පුවත

පාසල් වැසීම පිළිබඳ නිවේදනයක්

By News Room · 13 October 2024

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් හෙට (14) දිනයේ පමණක් වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇත.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ගම්පහ යන අධ්‍යාපන කලාපවල පාසල් හෙට සහ අනිද්දා (15) යන දෙදිනම වසා තැබීමට ද තීරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු ස්ථාපිත සෙසු ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන බලධාරීන්ට පැවරූ බවය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025