Skip to content
V
පාකිස්ථානය නැවත ත්‍රස්ත භීතියෙන්
සයුරෙන් එතෙර

පාකිස්ථානය නැවත ත්‍රස්ත භීතියෙන්

By News Room · 21 August 2024

ත්‍රස්තවාදී කණ්ඩායම් වන Tehreek-i-Taliban Pakistan (TTP) සහ Lashkar-i-lslam (Ll) යන ත්‍රස්තවාදී කණ්ඩායම්වල සන්නද්ධ සාමාජිකයින් ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ මුර සංචාරයේ යෙදීමත් සමඟ පාකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ සමහර ප්‍රදේශවල භීතිය පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, නැගී එන ආතතීන් මධ්‍යයේ, Khyber Pakhtunkhwa හි පදිංචිකරුවන් තම ආරක්ෂාව සඳහා නිම්නයේ ආරක්ෂාව වැඩි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි පකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.

තම ආරක්ෂාව සඳහා නිම්නයේ ආරක්ෂාව තර කරන ලෙස ජනතාව බලධාරීන්ට බල කර ඇති ඉල්ලීම් අනුව ඊට ප්‍රතිචාර වශයෙන් පළාතේ පාලක රජය මෙහෙයුම් කිහිපයක් දියත් කර ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ඵලදායී වී නොමැති අතර, සාමාන්‍ය ජනතාව එහි අවදානම සහ වගකීම දරා සිටින බව ඩෝන් පුවත්පත පවසන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024