Skip to content
V
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපාට
Local

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපාට

By News Room · 10 December 2024

තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 2ක් හිමිකර ගත්තේය.

ඉන් එක් ආසනයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතාව පත් කෙරුණි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ මහ මැතිවරණය සඳහා තරඟ කළේය. මේ අතර හිටපු විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාව පාර්ලිමේන්තුවට පත්කරන ලෙසද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බලධාරීන්ගෙන් විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළහ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025