Skip to content
V
නව කථානායක ධූරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
Local

නව කථානායක ධූරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට

By News Room · 16 December 2024

ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ. වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391කි. අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් කථානායක ධුරය පුරප්පාඩු විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී පත්කර ගැනීමට නියමිතව පවතී.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025