Skip to content
V
නෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට
Main news - රධාන පුවත

නෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

By News Room · 7 October 2024

කොළඹ - නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ. ඇය 29වන මහලෙහි සිට ඇති බවත් ඇගේ සිරුර 03වැනි මහලේ තිබී සොයාගෙන ඇත. මෙය ඇද වැටීමක්ද එසේත් නොමැතිනම් සියදිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. ඇගේ බෑගයේ තිබී පාසල් නිල ඇඳුමක් සහ පාවහන් යුගලයක් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. එම අවස්ථාවේදී මෙම සිසුවිය පාට ඇඳුමින් සැරසී සිට ඇති අතර ඇය තනිව නෙළුම් කුලුණ නැරඹීමට පැමිණ ඇති බවත් සඳහන්. මෙම සිසුවියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025