Skip to content
V
ඩෑන් ප්‍රියසාද්ට සහ මහින්ද කහඳගමට වරෙන්තු
Local

ඩෑන් ප්‍රියසාද්ට සහ මහින්ද කහඳගමට වරෙන්තු

By News Room · 27 November 2024

ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (27) වරෙන්තු නිකුත් කළාය.

ඒ, ගාලු මුවදොර අරගල භූමියට (ගෝඨා ගෝ ගම) පහරදුන් සිද්ධියේ නඩුවට අදාළව ය. 

එහිදී එම සිද්ධියට සැකකරුවන් ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලුදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නමුත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ  පවසා සිටියේ අදාළ සැකකරුවන් මේ වනවිට විදෙස්ගතව සිටින බවය.

ඒ අනුව, කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යවා තිබෙන බවය.

ඒ අනුව, නීතිපති උපදෙස් සඳහා 2025 මාර්තු 26වන දින නඩුව නැවත කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025