Skip to content
V
ඥානසාර හිමියන්ට වරෙන්තු
Main news - රධාන පුවත

ඥානසාර හිමියන්ට වරෙන්තු

By News Room · 19 December 2024

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.  එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තමා සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තැබීය. ඒ අනුව ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025