Skip to content
V
ජපානය නැවතත් සෙලවෙයි
සයුරෙන් එතෙර

ජපානය නැවතත් සෙලවෙයි

By News Room · 19 August 2024

ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇති වූ බව එරට කාලගුණ ඒජන්සිය පවසනවා. අද පෙ.ව. 0:50ට දේශීය වේලාවෙන් මෙම කම්පනය සිදුව තිබෙනවා.

කම්පනයේ කේන්ද්‍රය කිලෝමීටර් 10ක් ගැඹුරින් උතුරු අක්ෂාංශ 36.7 ක් සහ නැගෙනහිරින් අංශක 140.6 ක දේශාංශයක පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජපානය මෑතකදී සිදුවිය හැකි "මෙගා කම්පනයක්" පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුනද, සතියකට පසුව, එම අනතුරු ඇගවීම ඉවත් කළා.

අගෝස්තු 8 වන දින රටේ දකුණු ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවා.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024