Skip to content
V
ගංවතුරෙන් පීඩාවට පත් බංගලාදේශය
සයුරෙන් එතෙර

ගංවතුරෙන් පීඩාවට පත් බංගලාදේශය

By News Room · 26 August 2024

බංග්ලාදේශයට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ ඇතිවූ ගංවතුර සහ ආපදාවලින් පුද්ගලයන් 20 ක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන 5 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවය.

එරට මාර්ග අවහිරවීම් හේතුවෙන් ගළවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

ඉන්දියාවේ වේල්ලක වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බංග්ලාදේශයේ ජල ගැලීම් තත්වය ඉහළ ගොස් ඇති බවට ඇතමුන් චෝදනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේ වෙතත් එම ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා කරන බව අන්තර් වාර පාලන රජය ප්‍රකාශ කර අති බව සඳහන්.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024