Skip to content
V
ඕස්ට්‍රේලියාවේ හඳුන්වා දෙන නව නීතිය
සයුරෙන් එතෙර

ඕස්ට්‍රේලියාවේ හඳුන්වා දෙන නව නීතිය

By News Room · 26 August 2024

ඕස්ට්‍රේලියාවේ අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි "right to disconnect" "විසන්ධි කිරීමේ අයිතිය" යන නීතිය හඳුන්වා දී තිබේ.

එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව හිමිව ඇත. ඒ සඳහා ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඕස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ, සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දුන් බවය.

මෙම නව නීතිය කඩවීමක් සිදුවුවහොත් ඒ සඳහා වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඕස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයකට යටත්වීමට සිදුවන බවද විදෙස් වාර්තා සඳහන් කරයි. ඕස්ට්‍රේලියාවට අමතරව මීට පෙර සිටම තවත් යුරෝපයේ රටවල් 20ක පමණ මෙම නීතිය අනුගමනය කරන බවද වාර්තා වේ.

COVID-19 වසංගතයෙන් පසු ඩිජිටල් සන්නිවේදනය සහ දුරස්ථව වැඩකිරීම වර්ධනය වීම මධ්‍යයේ මිනිසුන්ගේ වෘත්තීය සහ පුද්ගලික ජීවිත අතර සීමාවන් බිඳ දමා ඇති බව ඕස්ට්‍රේලියානු රජය පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ඕස්ට්‍රේලියානුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පැය 281ක් පමණ අමතර කාලයක් කිසිදු ගෙවීමකින් තොරව රාජකාරි සිදුකර ඇති බවය.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024