Skip to content
V
ඊශ්‍රායලය ප්‍රහාරක යානා 100කින් ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

ඊශ්‍රායලය ප්‍රහාරක යානා 100කින් ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

By News Room · 25 August 2024

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ ඊට පෙර ඊශ්‍රායලය ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාර මැද හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට උතුරුදිග ඊශ්‍රායලයට ද රොකට් ප්‍රහාර 320කට අධික සංඛ්‍යාවක් එල්ල කළා.දෙපාර්ශ්වය අතර යුද උණුසුම යළි මතුවීමත් සමග ඊශ්‍රායලය තුළ පැය 48ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.ඊශ්‍රායලය විසින් පසුගිය ජුලි මස 30 වැනිදා හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ෆුවාඩ් ෂුකර් ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ, බෙයිරුට් හී මහල් ගොඩනැගිල්ලක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවා.

එම ප්‍රහාරයෙන් ෆුවාඩ් ෂුකර් ඇතුළු සිවිල් වැසියන් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ෆුවාඩ් ෂුකර් ඝාතනය සම්බන්ධයෙන් දැඩි ලෙස උරණ වූ හිස්බුල්ලා සංවිධානය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේ සිය නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පලිගැනීමට ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ලකර බවයි.

ඒ අනුව ඊශ්‍රායලය වෙත අලුයම 5ට පමණ ප්‍රහාර එල්ලවන බව හඳුනා ගැනීමෙන් පසු ඊට විනාඩි 15කට පමණ පෙර ඊශ්‍රායලය විසින් ලෙබනනයේ, හිස්බුල්ලා සංවිධානයට අයත් හඳුනාගත් ඉලක්කයන්කි හිපයකට දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායලය වෙත ප්‍රහාර දියත්කරමින් හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළේ සිය ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායල වෙත මෙම ප්‍රහාරයන් එල්ලකරන බවයි. ඊශ්‍රායලය වෙත එල්ලකරනු ලැබු රොකට් ප්‍රහාරයන් ඊශ්‍රායලයේ lron Dome ආරක්ෂණ පද්ධතිය මගින් වළක්වා තිබෙනවා. මේ අතර හිස්බුල්ලා සංවිධානයේ ඩ්‍රෝන යානයක් ඊශ්‍රායලය විසින් විනාශ කළ ආකාරය AFPමාධ්‍යවේදියාගේ කැමරාවේ සටන්ව තිබෙනවා.

කෙසේවෙතත් හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර හමුවේ ටෙල් අවිව් අගනුවර ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇතිව ඇති යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්යාහු එරට ආරක්ෂක අමාත්‍යාංශයේදී යුද කැබිනට්ටුවද රැස් කළ අතර එහිදි ඉදිරි පැය 48ක කාලය තුළ එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කර තිබෙනවා.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024