Skip to content
V
ඉන්දියාවේ විශාල වෛද්‍ය වර්ජනයක් ; රට පුරා කාන්තාවන් වීථි බසී
සයුරෙන් එතෙර

ඉන්දියාවේ විශාල වෛද්‍ය වර්ජනයක් ; රට පුරා කාන්තාවන් වීථි බසී

By News Room · 17 August 2024

ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ, අත්‍යවශ්‍ය සහ හදිසි අනතුරු සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවටයි. ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන සියලුම රෝහල් සේවා කටයුතු අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 09වනදා 31 හැවිරිදි මෙම වෛද්‍යවරිය රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක විවේක ගනිමින් සිටියදී ඝාතනයට ලක්ව තිබුණා. ඊට එරෙහිව ඉන්දියාව පුරා කාන්තාවන් දහස් ගණනක් වීථි බැස විරෝධතාවල නියැලුණේ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින්.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024