Skip to content
V
ඉන්දියාවේ කම්හලක පිපිරීමක් ; 16ක් මිය ගොස් 30ක් තුවාල
සයුරෙන් එතෙර

ඉන්දියාවේ කම්හලක පිපිරීමක් ; 16ක් මිය ගොස් 30ක් තුවාල

By News Room · 22 August 2024

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් එහි සිටි 16 දෙනෙකු මිය ගොස් 30 දෙනෙක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය 16 දෙනාගෙන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම කම්හලේ දිවා ආහාර විවේකයේදී මෙම පිපිරීම සිදු වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

කර්මාන්ත ශාලාව සේවකයන් 381 දෙනෙක් වැඩ මුර දෙකකින් සේවය කරන අතර, පිපිරුම සිදුව ඇති දිවා ආහාර වේලාවේදී කාර්ය මණ්ඩල පැමිණීම අඩු බවයි එහි නිලධාරීන් පවසන්නේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර, කම්හලෙන් පිටවන අධික දුමාරය නිසා කඩිනම් මෙහෙයුම් සිදු කිරීමට දුෂ්කර බව නිලධාරීන් පවසනවා.

පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුළු කර්මාන්ත ශාලාවම ගිනිගෙන එහි සේවකයන් කිහිප දෙනෙකු සිරවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුර හේතුවෙන් සමාගම අවට ප්‍රදේශය ද ඝන දුමාරයක් වැසී ගොස් ඇති බව පැවසේ.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024