Skip to content
V
ආරක්ෂක සහයෝගීතාවය සඳහා නව රාමුවක් ; ඉන්දියාව හා ජපානය අතර එකඟතා
සයුරෙන් එතෙර

ආරක්ෂක සහයෝගීතාවය සඳහා නව රාමුවක් ; ඉන්දියාව හා ජපානය අතර එකඟතා

By News Room · 22 August 2024

නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා ඉන්දියාව සහ ජපානය සඳහා ප්‍රමුඛත්වය දෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසනවා.

ඔහු පැවසුවේ දෙරට අතර 2+2 රැස්වීම ඔවුන්ගේ ආරක්ෂාව සහ සංවර්ධන සහාය සම්බන්ධීකරණය කිරීමේ හැකියාව ගවේෂණය කළ බවයි.

ආරක්ෂක සහයෝගීතාවය සඳහා නව රාමුවක් සකස් කිරීම සඳහා ද ඉන්දියාව සහ ජපානය එකඟත්වය පළකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ජපානයේ ෆුකෝකා නගරයේ නව ඉන්දීය කොන්සල් කාර්යාලයක් විවෘත කරන බව ද ඔහු නිවේදනය කළා.

වසර දෙකකට පෙර ටෝකියෝ හි පැවති අවසන් 2+2 රැස්වීමෙන් පසු "අප වටා ඇති කලාපීය සහ ගෝලීය පරිසරය" සැලකිය යුතු ලෙස පරිණාමය වී ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසා තිබෙනවා.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024