Skip to content
V
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට කාන්තාවක්
Main news - රධාන පුවත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට කාන්තාවක්

By News Room · 3 December 2024

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54කට ස්ථාන මාරුවීම් සිදුකරනු ලැබුවා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 32 දෙනෙකු, පොලිස් අධිකාරීවරු තිදෙනෙකු සහ සහ වැඩබලන පොලිස් අධිකාරීවරයෙක් ඇතුලත්.

කෙසේ වෙතත්, මීට අමතරව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු සිව් දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරීවරු හත් දෙනෙකු සඳහාද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලි මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අතර, ප්‍රධාන වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එස්. මුතුමාල පත් කර තිබෙනවා.

ඇය මින් පෙර එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී සිදුකළ අතර, මින්පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය එම තනතුරින් ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස පත් කර තිබෙනවා.

තවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. මනතුංග පත්කර තිබෙනවා.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025