Skip to content
V
Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට
සයුරෙන් එතෙර

Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

By News Room · 25 August 2024

ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 හැවිරිදි ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය.

රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පුරවැසිභාවය හිමිය.

Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ලොව ප්‍රධානම සමාජ මාධ්‍ය යෙදවුම   ලෙස සැලකෙයි.

Telegram යෙදවුම රුසියාව, යුක්‍රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමකි.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024