Skip to content
V
9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද අද
Main news - රධාන පුවත

9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද අද

By News Room · 21 September 2024

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ විය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි. 

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇත.

ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් එක් අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38දක්වා අඩු විය.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි.

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත‍්‍රික්කය බවට ගම්පහ දිස්ත‍්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351 කි. 

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226 දෙනෙකු වන අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399 කි.

කළුතර දිස්ත‍්‍රික්කයෙන් 1,024,244, රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් 923,736, ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් 903,163, අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් 741,862, සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් 709,622 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබේ. 

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 705,772ක් සහ මාතර දිස්ත‍්‍රික්කයේ සංඛ්‍යාව 686,175ක් ලෙස සුදුසුකම් ලබා තිබේ.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ හය ලක්ෂ 63,673 දෙනෙකු, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ 605,292 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.

යාපනය සහ කිලිනොච්චිය ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 593,187 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 555,432 දෙනෙකු වන අතර හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව520,940කි. 

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 449,686කි.

මාතලේ දිස්ත‍්‍රික්කයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 429,991 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

මොනරාගල දිස්ත‍්‍රික්කයේ එම සංඛ්‍යාව 399,166 දෙනෙකි. 

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 351,302 දෙනෙකු වන අතර ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 315,925 දෙනෙකු වේ.

අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත‍්‍රික්කය බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත‍්‍රික්කය වන අතර එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක් බව  මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වැඩිම ඡන්දදායකයින් පිරිසක් සහිත ඡන්ද බලප්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම ඡන්ද බල ප්‍රදේශය වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 215,075 දෙනෙකි. 

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025