Skip to content
V
14කට මරු කැඳවූ නේපාල් බස් අනතුර
සයුරෙන් එතෙර

14කට මරු කැඳවූ නේපාල් බස් අනතුර

By News Room · 23 August 2024

නේපාලයේ පොඛාරා නගරයේ සිට කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථයක් එරට මාස්යන්ග්දි ගංගාවට වැටීමෙන් සිදුවූ අනතුරකින් 14දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස ගංගාවට වැටී ඇත්තේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලියාපදිංචි බස් රථයක් බවත් අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 40 දෙනකු ගමන් කර ඇති බවත් නේපාල බලධාරීහු ප්‍රකාශ කළහ. කෙසේ නමුත් අනතුරට හේතුව හෝ බස් රථයක් ගමන් ගත් මගීන්ගේ අනන්‍යතාවයන් තවමත් හෙළිකරගෙන නැතැයි නේපාල බලධාරීහු පැවැසූහ.

පොඛාරා සිට කත්මණ්ඩු දක්වා වැටී ඇති මෙම මාර්ගය ඉන්දීය සංචාරකයන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ බවද නේපාල බලධාරීහු ප්‍රකාශ කළහ.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024