Skip to content
V
හලාවත ඝාතන සිද්ධියේ සුල මුල හෙලිවෙයි
Local

හලාවත ඝාතන සිද්ධියේ සුල මුල හෙලිවෙයි

By News Room · 21 October 2024

හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත. ඒ අනුව  කාන්තාවන් දෙදෙනාගේ ගෙල කපා මරාදමා පියා ගින්නට පැනීම නිසා පිලිස්සී මියගොස් ඇති බවට හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, ඉලංගරත්න බන්ඩා මහතා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත. හලාවත - සිංහපුර, දෙමහල් නිවසක් පසුගිය 20 වෙනිදා අලුයම ගිනිගැනීමෙන් එකම පවුලේ මව , පියා හා දියණිය මරණයට පත්විය.

ඒ සිද්ධිය පිළිබදව හලාවත පොලීසිය විසින් මෙය මිනී මැරුමක්ද නැතහොත් දිවිනසා ගැනීමක් ද යන්න පිළිබඳව සිදුකරන ලද විමර්ශන වලදී සැකය මියගොස් සිටි ගෙහිමියා දෙසට යොමු වි තිබූ අතර  මේ පිළිබඳව හලාවත මහ රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙදී එම සැකය තහවුරුවී ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව මෙය ද්විත්ව මිනීමැරුමක් හා සියදිවි නසා ගැනුමක් බවට හෙළි දරව්වී ඇත.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025