Skip to content
V
සියලු රැලි හෙටින් අවසන්
Main news - රධාන පුවත

සියලු රැලි හෙටින් අවසන්

By News Room · 17 September 2024

ලබන21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජනබලවේගයේ අපේක්ෂක එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජනාධිපති සටනේ අවසන් මහජන රැලි11ක් අද (18) සවස පැවැත්විමට නියමිතය.

ඒ අනුව ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන ප්‍රථම ජන රැළිය මාතරදි පැවැත්වේ. අනතුරුව ගාල්ල කළුතර හෝමාගම සහ මැද කොළඹ දි පැවත්වෙන රැලිවලට ද ජනාධිපති වරයා සහභාගි වේ.

මෙහිදී මරදානේදි පැවැත්වෙන මැද කොළඹ ජන රැලියෙන් ඒ මහතාගේ ප්‍රචාරක රැස්වීම් මාලාව අවසන් කෙරේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ප්‍රධාන ජන රැලි තුනක් ගාල්ල බේරුවල සහ මැද කොළඹදී පැවැත්වෙන අතර අවසන් රැලිය මැද කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු කුමාර දිසානායක මහතා සහභාගි වන අවසන් ප්‍රධාන රැලි බස්නාහිර පළාත මූලික කොට ගෙන සංවිධානය කර තිබේ.

ඒ අනුව කළුතර ගම්පහ සහ නුගේගොඩදී එම රැස්වීම් පැවැත්වේ එම රැස්වීම් මාලාවේ අවසාන රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟහලේදි පැවැත්විමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හෙට (18) ප්‍රධාන ප්‍රචාරක රැළි තුනකට සහභාගි වීමට නියමිතය.

එසේම අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එය පහත පරිදි වේ.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025