Skip to content
V
"සංචාරක තහනමක් පැනැවූ බවට පළ වන වාර්තා අසත්‍යයි" - ඇමෙරිකන් තානාපති
Local

"සංචාරක තහනමක් පැනැවූ බවට පළ වන වාර්තා අසත්‍යයි" - ඇමෙරිකන් තානාපති

By News Room · 28 October 2024

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.කොළඹ ඇමෙරිකන් මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ඇය මෙසේ අදහස් දැක්වූවාය. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පැනැවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ද ඇය අවධාරණය කළාය.

"ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් ඇමෙරිකන් තානාපති අංශ දැනගතහොත් එම තොරතුර ගැන අප අපේ කාර්ය මණ්ඩලය,ඇමෙරිකන් පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් නෑ. එය ලොව පුරා අප භාවිත කරන ක්‍රමවේදයයි. ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් විට අප ලැබුණු එම තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දීමක් කළා. ඔවුන් ඊට කඩනමින් ප්‍රතිචාර දැක්වූවා."

"අප ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්යශීලිව කටයුතු කරනවා. ඔවුන් සමඟ දෛනිකව තොරතුරු හුවමාරු කර ගන්නවා. ශ්‍රී ලංකා නායකත්වය සහ ආරක්ෂක නිලධාරීන් සමග ඇති සහයෝගය අප අගය කරනවා. ඔවුන් විනිවිදභාවයෙන් සහ කැප වීමෙන් ඔවුන්ගේ රාජකාරි කරනවා. මම කැමතියි ව්‍යාජ තොරතුරක් ගැන කියන්න. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවලා නෑ කිසිසේත්ම. පසුගිය සතියේ අප ආරක්ෂක අනතුරු ඇඟවීම සිදු කළේ ඇමෙරිකන් පුරවැසියන්ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බේ යන්න එපා කියලා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරලා තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් නෑ."

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025