Skip to content
V
සුඛෝපභෝගි මෝටර් රථයක් ගිනිගනී
Local

සුඛෝපභෝගි මෝටර් රථයක් ගිනිගනී

By News Room · 22 November 2024

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසයි. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

බත්තරමුල්ල දෙස සිට කොස්වත්ත දෙසට අද (22) දා උදෑසන ධාවනය වූ මෙම මෝටර් රථයේ ඉදිරිපසින් කිසියම් දුමක් පිටව ඇති අතර පසුව එය ගින්නක් දක්වා වර්ධනය වී තිබේ.

පසුව එම රථයේ පැමිණි පිරිස හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කිරීමට උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වීම නිසා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයට දන්වා තිබේ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025