Skip to content
V
සූකර උණ පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශ ගැසට් කරයි
Local

සූකර උණ පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශ ගැසට් කරයි

By News Room · 29 October 2024

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න කොතලාවල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔක්තෝම්බර් 25 දාතමින් මාස තුනකට වලංගුවන ලෙස නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් ඌරු උණ පැතිරීම වලක්වාලීමට ක්‍රියා මාර්ග රැසක්ද ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව සියලුම අවදානම් හා ආසාධිත ඌරන් ඝාතනය, ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදන, රෝග කාරක ද්‍රව්‍ය ආසාධිත ප්‍රදේශවල හෝ පිටතට ප්‍රවාහනය හා ඉවත් කිරීම, අවදානම් ඌරන් කෘත්‍රිම අභිජනනය කිරීම, සජීවි සත්ව වෙළඳාම, තරග පැවැත්වීම, ඌරන්, ඌරු මස් නිෂ්පාදන, රෝග කාරක ද්‍රව්‍ය විකිණීම හා ගබඩා කිරීම මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථානවලට හෝ වෙනත් තැනකට ප්‍රවාහනය වන පරිදි දැමීම තහනම් කර තිබේ.

මෙම තහනම් ක්‍රියා සිදු කිරීම වැළැක්වීමට අදාල සෞඛ්‍ය නිලධාරීන්ට බලතල පවරා තිබේ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025