Skip to content
V
ශශිකලා සිරිවර්ධන: ‘ඒ වෙලාවේ මමත් එතන හිටියා වගේ දැණුනා’
Main news - රධාන පුවත

ශශිකලා සිරිවර්ධන: ‘ඒ වෙලාවේ මමත් එතන හිටියා වගේ දැණුනා’

By News Room · 2 August 2024

ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කොට පළමුවරට එහි ශුරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ හිටපු ක්‍රිකට් නායිකාවක් වන ශෂිකලා සිරිවර්ධන සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනකට ද සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක් හිමිවිය.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාවක් වන ශෂිකලා සිරිවර්ධන බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ වසර 20 කට ආසන්න සිය ක්‍රීඩා ජීවිතයේදී ඇය බලාපොරොත්තුවෙන් සිටි කුසලානය ජයග්‍රහණය කිරීමට වත්මන් ක්‍රීඩිකාවන් සමත් වූ බවය.

‘එහෙම දෙයක් මම බලාපොරොත්තු වුනේ නැහැ’

ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් විවෙකාගාරයට පැමිණ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනට දුරකථන ඇමතුමක් ලබා ගැනීම පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එවැනි දෙයක් එම මොහොතේ සිදුකරයි යන්න තමන් බලාපොරොත්තු නොවූ බවය.

"අපේ ටීම් එකේ හැමෝම මාත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. එයාලා මට මැසේජ් කරනවා. කිසිම වෙලාවක මම ටීම් එකේ නැහැ කියන හැඟීමක් මට තිබුනේ නැහැ."

"නමුත් මම හිතුවේ නැහැ එයාලා ඒ වෙලාවේ මට කෝල් කරයි කියලා."

"මම හිතුවේ එදාට පස්සේ දවසේ වගේ මට මැසේජ් එකක් කෝල් එකක් දෙයි කියලා. හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ වෙලාවේ එච්චර උණුසුමක් එකක් ඒ වෙලාවේ මට කෝල් එකක් දෙයි කියලා."

"ඒ වෙලාවේ මමත් ගොඩක් හැඟුම්බර වුනා මමත් ඒ වෙලාවේ. ඒ වෙලාවේ මමත් එතන හිටියා වගේ දැණුනා."

"මැච් එකේ අන්තිම ටිකේදි මමත් ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා වගේ ටෙන්ෂන් එක මට දැනුණා. ඒ එක්කම එයාලගේ කෝල් එකත් ආවම මට දැනුණා මමත් එතැනම ඉන්නවා වගේ." යැයි ඇය පැවසුවාය.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025