Skip to content
V
වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරියකට මරණ තර්ජන
Local

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරියකට මරණ තර්ජන

By News Room · 12 December 2024

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියකට එම අංශයේ රඳවා සිටි කාන්තා රැඳවියක් මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධියට මුහුණ දුන් ජේලර්වරිය බොරැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) බොරැල්ල පොලීසියට නියෝග කළේය.

"දින 7ක් ඇතුළත උඹව මරා දමනවා... උඹේ පවුලේ අයත් මරා දමනවා" යනුවෙන් අදාළ මරණීය තර්ජනය එල්ලකර තිබෙන බව වාර්තා වෙයි.

එමෙන්ම බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව පිටස්තර පුද්ගලයන් සමග දුරකථන සංවාද පවත්වා තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ දුරකථන සමාගම්වලින් දුරකථන වාර්තා කැඳවන ලෙසටද පොලීසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සැකකාර කාන්තාව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර ජංගම දුරකථන භාවිත කිරීම, සෙසු සිරකාරියන් සමග අසභ්‍ය ආකාරයෙන් හැසිරීම ඇතුළු චෝදනා කිහිපයක් සැලකිල්ලට ගෙන ඇයව කළුතර බන්ධනාගාරය වෙත ස්ථාන මාරුකර ඇති බවය.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025