Skip to content
V
වැඩතහනම් වූ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62ක් යලි සේවයට
Local

වැඩතහනම් වූ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62ක් යලි සේවයට

By News Room · 24 December 2024

ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගිවී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකු සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ. ඒ වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකට අනුවය.

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති පසුගිය ජනවාරි මාසයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය.

විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිලධාරීන්ට උපදෙස් දි තිබුණි. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකුගේ සේවය තහනම් කෙරෙණි.

කෙසේ වෙතත් වත්මන් රජයට බලයට පත්වීමෙන් පසු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයක් මත එම සේවකයින් යළි සේවයේ පිහිටුවීමටත්, අහිමි කර තිබු වරප්‍රසාද යළි ලබාදීමට මෙන්ම දඬුවම් මාරු අවලංගු කිරීමටත් කටයුතු කර ඇත. එමෙන්ම එම සේවකයින් අද (24) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ද හමුවිය.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025