Skip to content
V
වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
Main news - රධාන පුවත

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

By News Room · 17 October 2024

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ.

බෞද්ධ සැදැහැවත් ජනතාවට ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය සැලකේ. වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද වප් පුර පසළොස්වක පොහොය දිනය යි.බෞද්ධ ඉතිහාසයේ ද ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙන වප්පුර පසළොස්වක පොහොය බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩමවීම අද වැනි පොහෝ දිනක සිදුව ඇති බව සඳහන්ය. මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම සහ විවරණ ලැබීම ද අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

සංඝමිත්තා තෙරණිය සහ ජය ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවීම සඳහා අරිට්ට අමාත්‍යවරයා දඹදිවට පිටත්ව යාම සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025