Skip to content
V
ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදී මරුට
Main news - රධාන පුවත

ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදී මරුට

By News Room · 20 October 2024

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. හිටපු මන්ත්‍රීවරයාට අයත් කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි කාර්යාලයේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙය ඝාතනයක් ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට, අලදෙණිය වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලෙකි. කටුගස්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025