Skip to content
V
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක්
Main news - රධාන පුවත

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක්

By News Room · 7 October 2024

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (7) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහතා විසින් ඊට අත්සන් තැබීය.

මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF)වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇත.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025