Skip to content
V
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක
සයුරෙන් එතෙර

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

By News Room · 12 January 2026

අමෙරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් එළැඹෙන වසරේ දී ඉන්දියාවේ සංචාරය කළ හැකි බවත් ඉන්දියාව තරම් අත්‍යවශ්‍ය රටක්  එක්සත් ජනපදයට තවත් නොමැති බවත් ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසා ඇත.

දිල්ලියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී අදහස් දක්වමින් තනාපතිවරයා මේ බව පැවසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔහු පවසා ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ට්‍රම්ප්ගේ මිත්‍රත්වය "සැබෑ" බවත් සැබෑ මිතුරන්ට ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගත හැකි බවත්ය.

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් සිටින බව ද ඔහු දැනුම් දී තිබේ. සාකච්ඡා කිරීම් සඳහා ඊළඟ හමුව පැවැත්වීමට නියමිතව තිබූ බව ගෝර් පැවසූ නමුත් සහභාගී වන්නේ කවුරුන්ද යන විස්තර පවසා නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී අමෙරිකාව ඉන්දියානු භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවූ දා සිට ජාතීන් අතර වෙළඳ සාකච්ඡා දැඩි විය. ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීමට එරෙහිව අමෙරිකාව විසින් මෙලෙස තීරුබදු ඉහළ දැමීට කටයුතු කර තිබුණි.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024
ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ගින්නක්

ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ගින්නක්

26 August 2024