Skip to content
V
රුහුණු සරසවියේ අරඹා තිබූ වර්ජනය උපකුලපති ඉවත් කිරීමත් සමඟ අවසන් වෙයි
Local

රුහුණු සරසවියේ අරඹා තිබූ වර්ජනය උපකුලපති ඉවත් කිරීමත් සමඟ අවසන් වෙයි

By News Room · 25 November 2024

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමත් සමග එම සරසවියේ අරඹා තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ අනුව අද (25) පෙරවරු 7.00 සිට සුපුරුදු පරිදි රාජකාරි සඳහා වාර්තා කරන ලෙස තම සංගමයේ නියෝජිතයින්ට දැනුම් දී ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ සභාපති කැළුම් ගමගේ සඳහන් කළේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම සරසවියේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව පසුගිය 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වී තිබුණා.

පසුව ඊයේ (24) එම සරසවියේ වත්මන් උපකුලපතිවරයා වෙනුවට පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අද සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක පත් කර තිබුණා.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025