Skip to content
V
මියන්මාර සයිබර් කඳවුරෙන් ලාංකිකයන් 20ක් මුදාගනී
සයුරෙන් එතෙර

මියන්මාර සයිබර් කඳවුරෙන් ලාංකිකයන් 20ක් මුදාගනී

By News Room · 14 August 2024

මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මියන්මාර රජයෙන් සහ අසල්වැසි රටවලින් විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගට කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස වහල් කඳවුරක සිරවී සිටි ලාංකිකයන් 20 දෙනා මුදා ගැනීමට සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

මුදාගත් ලාංකිකයන් 20 දෙනා ආරක්ෂිතව පෙරේදා (14) තායිලන්තයේ මේසොට් නගරය වෙත පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

තායිලන්තය ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මුදාගත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනා මේසොට් නගරයේදී මුණ ගැසී ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

තායිලන්ත බලධාරීන් එම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කන්සියුලර් සහාය ලබා දෙන බවත් ඔවුන් සියලු දෙනා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. ඔවුන් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තායිලන්ත බලධාරීහු සමග සම්බන්ධීකරණය කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉතිරි ශ්‍රී ලාංකිකයන් 34 දෙනා මුදා ගැනීම සඳහා මියන්මාර තානාපති කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන බවත් සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා නොයන්න යැයි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024