Skip to content
V
මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නෑ
Main news - රධාන පුවත

මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නෑ

By News Room · 3 October 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුක් කර තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බව සඳහන්.

මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015වසරේ ජනවාරි පළමු වැනිදා සිට එය ක්‍රියාක්මක කෙරුණා.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි පළමු වනදා සිට මාසික විශ්‍රාම වැටුප හිමි වුණා.

මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් සියයට 74කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබාදී තිබෙනවා.

නව ගැසට් නිවේදනයට අනුව මින් පසු කිසිදු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැහැ.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025