Skip to content
V
මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!
Main news - රධාන පුවත

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

By News Room · 3 August 2026

මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ අවදානම හේතුවෙන් ඉදිරි පැය 48 ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, අද (03) ප.ව. 1.00 ට නිකුත් කරන ලද මෙම රතු (Red) වර්ණයෙන් යුත් අංක 01 දැක්වෙන හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනය අගෝස්තු 05 වන දින ප.ව. 1.00 දක්වා බලපැවැත්වෙනු ඇති. ඒ අනුව, මහවැලි ගංඟා ආශ්‍රිත පහත්බිම් හි පිහිටි පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම මහ ගංවතුර අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

උඩුනුවර

උඩපළාත

යටිනුවර

දොළුව

කොත්මලේ

පස්බාගේ කෝරළය

ගඟ ඉහළ කෝරළය

ගඟවට කෝරළය

හාරිස්පත්තුව

පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම මහ ගංවතුර අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

අදාළ ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත්බිම්වල පදිංචි මහජනතාව පවතින තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සියලු පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025