Skip to content
V
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ගේ පුත්‍රයා අත්අඩංගුවට
Main news - රධාන පුවත

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ගේ පුත්‍රයා අත්අඩංගුවට

By News Room · 28 August 2024

මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයා වන නදීන් බාසික් පොලිසිය විසින් අද (28)අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදියි.

පසුගිය පෙබරවාරි 16 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ දී නදීන් බාසික් සහ අංගොඩ ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ගමන් කළ මෝටර් රථය මාර්ග රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු අනතුරට පත් කර පළා ගොස් තිබුණා.

ඒ ඔවුන් ගමන් කළ රථය නවත්වන ලෙසට අණකර අවස්ථාවේදි නොනවත්වා ධාවනය කරමින්. එහිදී පොලිස් යතුරුපැදියකට ද අලාබ හානි සිදු වුණා.

පසුව හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එම ස්ථානයේ තිබූ රන් පවුම්100ක්, මෝටර් රථ 03ක යතුරු හමුවුණා.

අදාළ මෝටර් රථ පරික්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකතනයක්, ලැප්ටොප් පරිගණකයක්, විදේශ මුදල් තොගයක්, නදීන් බාසික්ගේ නමට තිබු රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයේ නිකුත් කර තිබූ හැදුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් ද සොයාගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ නීති විරෝධි වත්කම් විමර්ශන අංශයට භාර දී තිබූ අතර, ඒ අනුව නදීන් බාසික් ඩුබායි සිට කටුනායක පැමිණි අවස්ථාවේ දී මිනී මැරීමකට තැත්කිරීම සහ රිය අනතුරක් සිදු කර පළායෑමේ චෝදනාව මත වැල්ලවත්ත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025