Skip to content
V
බෙලරුසියාව සහ යුක්‍රේනය දේශසීමා තරකෙරෙයි
සයුරෙන් එතෙර

බෙලරුසියාව සහ යුක්‍රේනය දේශසීමා තරකෙරෙයි

By News Room · 18 August 2024

බෙලරුසියාව සහ යුක්‍රේනය අතර දේශසීමාවේ හමුදා ශක්තිය තර කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන දේශසීමාව තුළ යුද හමුදා භටයින් එක්ලක්ෂ විසිදහසක් ස්ථාන ගත කර තිබෙන බවයි.

යුක්‍රේනයේ යුද ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් සිය හමුදාවන් එම දේශසීමාවේ ස්ථානගත කිරීමට පියවර ගත් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ. බෙලරුසියාවේ වෘත්තීය හමුදාව 48,000ක් වන අතර දේශසීමා බළකාය භටයින් 12,000කින් පමණ සමන්විත බවයි පැවසෙන්නේ.

මේ වන විට යුක්‍රේන හමුදාව රුසියාව තුළට ගොස් හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය පුටින් බලාපොරොත්තු නොවූ ආක්‍රමණයක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024