Skip to content
V
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට
Local

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

By News Room · 23 November 2025

බැංකු කාඩ්පත් භාවිතයෙන් මගී බස් රථවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

මෙහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.

ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන මෙහෙයවනවා.

බස් ගාස්තු ලබාදුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් බවත්, එයට විසඳුමක් ලෙස බැංකු කාඩ්පත් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වාදෙන බවත්, බස් රථවල මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවත්, මේ හේතුව නිසා බස් රථ ප්‍රවේශපත්‍ර ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙසට විශාල ඉල්ලීමක් ලැබුණු බවයි පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක පවසා ති‍බුණේ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
නෙවිල් වන්නිආරච්චිට ඇප

නෙවිල් වන්නිආරච්චිට ඇප

31 October 2025