Skip to content
V
බස් ගාස්තුව පහළට
Main news - රධාන පුවත

බස් ගාස්තුව පහළට

By News Room · 1 October 2024

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව, අවම ගාස්තුව රුපියල් 27ක් දක්වා අඩුවන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු අඩුකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

අවසන් වරට පසුගිය ජුලි 02 වනදා සිදුකළ ගාස්තු සංශෝධනයේදී 5.07% ක ප්‍රතිශතයකින් බස් ගාස්තු පහළ දැමුණා. ඒ අනුව දැනට ක්‍රියාත්මක අවම බස් ගාස්තුව රුපියල් 28ක්. එහෙත් අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනයේදී බස් ගාස්තු අඩුකෙරුණේ නැහැ. ඒ අනුවයි මෙවර බස් ගාස්තු අඩුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන බවයි වෘත්තීය සංගම් ප්‍රකාශ කළේ.

මේ අතර ඩීසල් මිල අඩුවූවත් වාහන නඩත්තු වියදම් අඩුනොවීම හේතුවෙන් පාසල් වෑන් රථ ගාස්තුවද අඩුකිරීමේ හැකියාවක් නොමැති බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා කියා සිටියේ.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025