Skip to content
V
පොහොට්ටුවට රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ සහාය
Main news - රධාන පුවත

පොහොට්ටුවට රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ සහාය

By News Room · 13 August 2024

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යලි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයට අද (13) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සහය දැක්වීමට තමන් තීරණය කළ බවයි.

රාජ්‍ය අමාත්‍ය ජයසේකර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් පසුගියදා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්ත්වයෙන් රත්නපුරයේ පැවති රැස්වීමකටද සහභාගි වුණා.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ලබා දීමට එම පක්ෂය එකගතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025