Skip to content
V
'පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැත' - වැඩබලන පොලිස්පති
Local

'පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැත' - වැඩබලන පොලිස්පති

By News Room · 31 October 2024

පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එවැනි වීඩියෝගත කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවයි අදාළ දැනුම්දීමේ සඳහන් වන්නේ.

දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති මෙහි සඳහන් වෙන්නේ, සංස්කරණය නොකළ වීඩියෝ හඬපට අධිකරණයකදී සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින්, පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවයි.

එබැවින් පොදු ස්ථානවල සිදුවන පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට බාධා නොකළ යුතුවා සේම, පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් සේවයට කැළලක් වන ආකාරයට සංස්කරණය කළ වීඩියෝ පට සමාජගත කළහොත්, ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025