Skip to content
V
ප්‍රංශ-ජර්මානු-බ්‍රිතාන්‍ය නායකයන් නායකයන්ගේ ඉල්ලීමට ඉරානය බෑ කියයි
සයුරෙන් එතෙර

ප්‍රංශ-ජර්මානු-බ්‍රිතාන්‍ය නායකයන් නායකයන්ගේ ඉල්ලීමට ඉරානය බෑ කියයි

By News Room · 13 August 2024

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙසට

කළ ඉල්ලීම දේශපාලන තාර්කිකභාවය අඩුකමින් කරන ලද ඉල්ලීමක් බව කියමින් ප්‍රතික්ෂේප කළ ඉරානය, ඊශ්‍රායලය වැළැක්වීමට තමන් අදිටන් කර ඇති බව ප්‍රකාශ කළේය.

ඉකුත් මාසයේදී ඊශ්‍රායලය විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හිදී හිටපු හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමෙන් අනතුරුව ඉරානය, ඊශ්‍රායලය වෙත කරන තර්ජන නතර කරන්නැයි ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍ය විසින් ඉල්ලා සිටියේය. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නස‌ර් කනානි නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය නායකයන්ගේ ඉල්ලීම දේශපාලන තාර්කිකභාවයේ අඩුකමක් සහ ජාත්‍යන්තර මූලධර්ම සමඟ ගැටෙන්නක් බව පැවැසීය. එසේම ඊශ්‍රායලය වෙත ප්‍රසිද්ධියේ සහ ප්‍රායෝගික ලෙස සහාය ලබාදෙන්නක් බවද පැවැසීය.

එකී රටවල් යුද අපරාධයන්ට විරෝධයක් නොදක්වා ඊශ්‍රායලයට ප්‍රතිචාර නොදක්වන ලෙස විලිලජ්ජා නොමැති ආකාරයෙන් මෙවැනි ඉල්ලීමක් කර ඇති අතර එය ඉරානයේ ස්වාධිපත්‍ය අයිතිය සහ ඒකීයත්වය උල්ලංඝනය කිරීමක් බවද නසෙර් කනානි වැඩිදුරටත් පවසා ඇත.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024