Skip to content
V
පස්සර - බිබිල මාර්ගය දින 7කට පසු විවෘත වෙයි
Local

පස්සර - බිබිල මාර්ගය දින 7කට පසු විවෘත වෙයි

By News Room · 24 November 2024

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (24) දහවල් විවෘත කල බව මාර්ග සංවර්ධන අරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .

එසේ මාර්ගය දිවා කාලයේ රථ වාහන ධාවනය සදහා විවෘත කලද තවමත් එම ස්ථානයේ ගල්පර්වත කඩා වැටීමෙ අවධානම පවතින නිසාවෙන් පස්සර බිබිල මාර්ගය 13 කනුව ප්‍රදේශයේදී දිනපතාම මාර්ගය පස්වරු 6.00 සිට පසු දින 6.30 වනතෙක් වසා දමන බවද එම කාර්යාලයේ නිළධාරියකු සදහන් කළේය .

බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර බිබිල මාර්ගයේ 13කනුව ප්‍රදේශයේ දී ඉකුත් 11වන දින අලුයම 3.30ටපමන ඒ අසල ඉහල කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වත පස්කදු ගස්කොළන් කඩා වැටී පස්සර බිබිල , මොණරාගල රථ වාහන ධාවනය ට බාධා සිදුව තිබින.

මේ නිසාවෙන් පස්සර මොණරාගල, බිබිල බස්රථ පස්සර 13 කනුව ප්‍රදේශය තෙක් ධාවනය වූ අතර ගල්පර්වත කඩා වැටී තිබූ ස්ථානයේ ජනතාව පාගමනින් එතෙරට ගොස් පස්සර, බිබිල මොණරාගල බදුල්ල බස්රථ වලට ලගා වූහ .

මේ සදහා විකල්ප මාර්ග ලෙස පස්සර හිගුරුකඩුව බඩල්කුඹුර මාර්ගය, පස්සර බදුල්ල හරහා මහියංගණ බිබිල මාර්ගය පොලිසිය රථ වාහන රියදුරන් සදහා හදුන්වා දී තිබේ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025