Skip to content
V
නිල්වලා ගඟේ ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළට
Local

නිල්වලා ගඟේ ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළට

By News Room · 24 November 2024

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවය.

කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025