Skip to content
V
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (2) තැපැල් දෙපාර්තමේන්තුවට
Main news - රධාන පුවත

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (2) තැපැල් දෙපාර්තමේන්තුවට

By News Room · 1 September 2024

සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම හෙට (02) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ පසුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම නිසිපරිදි සිදු කරනු ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ කිසියම් සන්දේශයක් සිය ඡන්දදායකයින් වෙත නොමිලේ බෙදා හැරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

මැතිවරණ පනත ප්‍රකාරව එය සිදු වන අතර එක් අපේක්ෂකයෙකුට එලෙස සංදේශ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශ යොමු කළ හැක්කේ, එක් ඡන්ද දායකයෙකු සඳහා පමණයි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025