Skip to content
V
නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හරිනි අමරසුරියට
Main news - රධාන පුවත

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හරිනි අමරසුරියට

By News Room · 24 September 2024

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි.

එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසුරිය පත් කිරීමට නියමිතව ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජාතික ජන බලවේගයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් දරන සිව් දෙනෙකු සිටින අතර මේ වන අමාත්‍යවරුන් වශයෙන් සිව් දෙනා අතර අමාත්‍යංශය 15 බෙදී යනු ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අමාත්‍ය ධුර ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද (24) රාත්‍රී යේදී විසුරුවා හරින බව එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරව ඔහුට රජයේ අමාත්‍ය ධුරයක් දැරීමට කිසිදු බාධාවක් නොවේ.

නමුත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් නොදී පාර්ලිමේන්තුව ඇමතීම, ඡන්දය භාවිතා කිරීම සිදු කල නොහැකි වනවා.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025