Skip to content
V
දුම්රිය ගැටීමකින් පුද්ගලයෙකු මිය යයි
Main news - රධාන පුවත

දුම්රිය ගැටීමකින් පුද්ගලයෙකු මිය යයි

By News Room · 19 August 2024

කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉඳුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගොඩ සිට පැමිණි දර පටවා ගත් ලොරි රථයක් මෙලෙස ගැටී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් ලොරි රථයේ පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 55ක් වූ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බව වාර්තා වෙයි.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025