Skip to content
V
දශකයක් පැරණි තායිලන්ත සහල්වල ගමනාන්තය කුමක් වනු ඇති ද?
සයුරෙන් එතෙර

දශකයක් පැරණි තායිලන්ත සහල්වල ගමනාන්තය කුමක් වනු ඇති ද?

By News Room · 30 June 2024



තායිලන්ත රජය පසුගිය දා දශකයක් පමණ පැරණි සහල් ටොන් 15,000ක් වෙන්දේසි කිරීමට පියවර ගත්තේ ය.

මෙය එදිනෙදා සිදුවන දෙයක් නම් නොවෙයි. එසේ නම්, ඔවුන් එවැනි පියවරක් ගත්තේ මන්ද? ආන්දෝලනාත්මක යෝජනා ක්‍රමයක් යටතේ රජය විසින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට ගොවීන්ගෙන් මිල දී ගනු ලැබීමෙන් පසු අවම වශයෙන් වසර 10ක කාලයක් පුරා තායිලන්තය මෙම සහල් ගබඩා කර තිබිණි.

2011දී හිටපු අගමැතිනි යින්ග්ලක් ෂිනවත් විසින් හඳුන්වා දෙන ලද මෙම යෝජනා ක්‍රමය යටතේ, ඇයගේ දේශපාලන පදනම ලෙස සලකුණු ගොවීන්ගෙන් සහල් ටොන් 54කට වැඩි ප්‍රමාණයක් මිල දී ගනු ලැබිණි.

ඒ සඳහා රජය වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලක් ගොවීන්ට ගෙවීමට බාත් බිලියන 900කට අධික මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 24කට ආසන්න මුදලක්), වැය කළේ ය. මෙම මුදල්වලින් වැඩි කොටසක් ණයට ගත් ඒවා ය.

නමුත් මෙම යෝජනා ක්‍රමය මූල්‍යමය වශයෙන් අසාර්ථක විය. රජයට සහල් වැඩි මිලට විකිණීමට නොහැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සහල් විශාල ප්‍රමාණයක් රජය සන්තකයේ තබා ගැනීමට සිදුවිය.

පසුගිය මාසයේදී තායිලන්ත වාණිජ අමාත්‍ය පුම්තම් විචියාචායි පැවසුවේ, සහල් අලෙවිය අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පිහිටුවන බව ය.

ජූනි 17 වන දින, V8 Intertrading Co Ltd නම් තායි සමාගමක් මෙම වෙන්දේසිය දිනුවේ, සහල් සඳහා බාත් මිලියන 286ක ලංසුවක් තබමිනි.

එසේ නම්, දශකයක කාලයක් ගබඩා කර තැබූ විට සහල්වලට සිදුවන්නේ කුමක් ද සහ තායිලන්තයේ මෙම සහල්වල ගමනාන්තය කුමක් වනු ඇති දැයි අපි විමසා බලමු.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024