Skip to content
V
දකුණු කොරියාවෙන් දේශීය ගොවියන්ට තල්ලුවක්
Local

දකුණු කොරියාවෙන් දේශීය ගොවියන්ට තල්ලුවක්

By News Room · 22 August 2024

දකුණු කොරියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන Yong-Jo Mun ශ්‍රී ලංකාවේ බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබේ.
අගෝස්තු 22දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ දකුණු කොරියානු ව්‍යවසායකයා පැවති හමුවකදී සිය අදහස් බෙදාගෙන ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාල පවසන පරිදි මෙම හමුවේදී Yong-Jo Mun කියා සිටියේ තමන් සභාපති වන ජාත්‍යන්තර අන්තර් හුවමාරු සංවර්ධන සංගමයට අනුයුක්ත ව්‍යවසායකයින්ට සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයකට මෙන්ම ශ්‍රී ලංකාවේ පලතුරු වගා කොට කොරියාවට සහ අනෙක් රටවලට අපනයනය කිරීම සඳහා ආයෝජනය කිරීමට කැමති බවයි.

මෙම ක්ෂේත්‍රවල ආයෝජන ශ්‍රී ලංකාව පිළිගන්නා බව පැවසූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා බොරතෙල් මත යැපීම අවම කිරීම සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන්ගේ කොටස වැඩි කිරීමට රජය සැලසුම් කර ඇති බව පැහැදිලි කළේය.

ධීවර, සෞඛ්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර සඳහා කළ හැකි ආයෝජන, විශේෂයෙන් මෙම ක්ෂේත්‍රවල නිෂ්පාදනය නංවාලීම සඳහා නව තාක්ෂණය පිළිබඳ තවදුටත් සාකච්ඡා කොට තිබේ.

යොං-ජෝ මුන්, මූනි එන්ජියෝ, ලක්ප්‍රිය අතුකෝරල සහ සුධර්මා කුලතුංග යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කොරියානු දූත පිරිස සමඟ පූජ්‍ය වෙදන්දේ ජිනරතන හිමියෝ වැඩම කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, උපදේශක සුගීස්වර සේනාධිර යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025